hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 4:38



හමාස් සංවිධානය විසින් අද උදෑසන සිදුකරන ලද දැවැන්ත ප්‍රහාරයේදී ඊශ්‍රායල වැසියන් ගණනාවක් අල්ලාගෙන ඇතැයි වාර්තා වනවා.

මීට පැය කිහිපයකට පෙර වාර්තා වූ පරිදි ඊශ්‍රායල සෙබළුන් ඇතුළු 35 දෙනකු හමාස් භාරයට පත්ව තිබෙනවා.

විශාල සිවිල් වැසියන් පිරිසක් මියගොස් ඇතැයි ද සැක කෙරෙන අතර මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා වූ පරිදි මියගිය සංඛ්‍යාව 22 ක් වුණා.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවනින් පහර දීම ඇරඹුවා. කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් අල්ලාගත් ඊශ්‍රායල ප්‍රදේශවල බලය යළි අල්ලාගැනීමට මෙතෙක් ඊශ්‍රායල හමුදාවන් සමත්ව නැහැ.