hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 29, ප.ව. 2:21



මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවකට ලක්ව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉන්දීය සුපිරි නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් හට ඩුබායි රාජ්‍යයේ සංචාරයක් සඳහා ඉන්දීය අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්‍රශේකර් සමග එක්ව ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදලක් මෙලෙස අයථා ලෙස පරිහරණය කර ඇති බවටයි අයට ඇයට චෝදනා එල්ල වන්නේ.

ඊයෙ ඉන්දියාවේ පටියාලා හී අධිකරණයක් ඉදිරියේ පෙනී සිටි ජැකලින් ෆර්නැන්ඩස්ගෙ නීතිඥයින් පෙන්වා දුන්නේ ඇයට ජනවාරි මස 27 වැනි දින සිට 30 වැනිදා දක්වා ඩුබායි හි පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සඳහා එක්වීමට අවශ්‍ය ව ඇති බවයි.

ලොව ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් සමග සමඟ මෙම සුපිරි නිළිය ඇතිකරගෙන ඇති ගිවිසුමක් අනුව එම සම්මන්ත්‍රණයට සහභාගි වීමට ඇය බැඳී සිටින බවත්,යම් හෙයකින් ඇය මෙම සම්මන්ත්‍රණය සඳහා එක් නොවුවහොත් එය එම සමාගම සමග ඇය ඇතිකරගෙන ඇති ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් මෙහිදී නීතිඥයන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම කරුණු සලකා බැලූ පටියාලා හී මහාධිකරණ විනිසුරු ශාලින්දර් මාලික්කර් ඇයට මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට අවසර ලබාදුන්නා.