hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 10:54



චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන Jiang Zemin මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යනවිට ඔහු 96 වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔහුට ලියුකේමියාව ඇතුළු තවත් රෝගාබාධ කීපයක්ම හටගෙන තිබූ බවයි චීන මාධ්‍ය වාර්තා පවසන්නේ.

හිටපු චීන ජනාධිපතිවරයා මිය යන ප්‍රථිකාර ලබමින් පසු වූයේ චීනයේ ෂැන්හයි නුවර පිහිටි ඔහුගේ නිවසේයි.

ජියෑන් සෙමින්ගේ මරණය සඳහන් කරමින් චීන නිල ෂිංහුවා (Xinhua) ප්‍රවෘත්ති ඒජන්සිය, පාලක කොමියුනිස්ට් පක්ෂය, පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ හමුදාව විසින් මරණය නිවේදනය කරමින් චීන ජනතාවට යොමු කළ ලිපියක් ප්‍රකාශයට පත් කළා.

එම ලිපියේ “ජියැන්ග් සෙමින් සහෝදරයාගේ මරණය අපේ පක්ෂයට සහ අපගේ හමුදාවට සහ අපගේ සියලුම ජනවර්ගවලට අයත් ජනතාවට ගණනය කළ නො හැකි පාඩුවක්” යනුවෙන් “ගැඹුරු ශෝකයෙන්” නිවේදනය කරන බව සඳහන් වී තිබුණා.

1989 දී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන්ට එරෙහිව සිදු වූ ලේවැකි ටියැනන්මන් මර්දනයෙන් පසු චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා ලෙස ජියැන්ග් නෙරපා හරින ලද නමුත්, පසුව රාජ්‍ය තාන්ත්‍රික හුදකලාවෙන් රට බේරාගෙන, එක්සත් ජනපදය සමඟ සම්බන්ධතා ශක්තිමත් කරමින් චීනය පෙර නොවූ විරූ ආර්ථික සංවර්ධනය කරා රැගෙන යාමට මංපෙත් සකස් කළා.