hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 1:37



ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ දැවැන්ත පිපිරීමෙන් මේ වනවිට 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් කිහිප දෙනෙකු සිටින බවත් එරට පොලිසිය සඳහන් කරනවා.

අයි.එස්.අයි.එස් සටන්කාමීන් විසින් කාබුල් අගනුවර දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තලේබාන් හිතවාදී පූජකවරයකු මරා දමා සතියකට පසු ව යි මෙම ප්‍රහාරය එල්ල වුණේ.

කෙසේ වෙතත් ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන් ද යන්න තවමත් පැහැදිලි නෑ.

පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන්වරු අත්පත් කරගත් අතර, තලේබාන් සංවිධානයේ ප්‍රබලතම සතුරා වන්නේ අයි.එස්.අයි.එස් සංවිධානය යි.

මෙම දෙපිරිස මේ වන විට අඳුරු ලේ වැගිරීම් මත සටන්වල යෙදී සිටින බව යි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

https://youtu.be/mToQ05-FeeE