hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 අප්‍රේල් 24, ප.ව. 12:10



ස්වකැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිය 21දෙනෙකුගේ මළ සිරුරු කෙන්යාවේ ෂකහෝලා වනාන්තරයේ වළලා තිබියදී, කෙන්යානු පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අදාළ මළසිරුරු සොයාගෙන තිබුණේ “කුසගින්නේ මියයාමෙන් ස්වර්ගස්ථ විය හැකි” බවට මතයක් ප්‍රචාරය කළ පූජකවරයෙකු සම්බන්ධයෙන් කළ විමර්ශනයක් අතරතුරයි.

මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිට තිබුණා.

ඊට අමතරව මළ සිරුරු වළලා ඇතැයි සැකකෙරෙන තවත් ස්ථාන 58ක් ද හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට දින කිහිපයකට පෙර එම වනාන්තරය ආසන්නයේ සිටියදී, මියයාම වෙනුවෙන් කුසගින්නේ සිටි කතෝලික කල්ලි සාමාජිකයින් 15 දෙනෙකු මුදා ගැනීමට පොලීසිය සමත් වුණා.

කෙසේ නමුත් ඒ අතරින් සිව්දෙනෙකුද මියගොස් ඇති අතර ගුඩ් නිවුස් නමැති ජාත්‍යන්තර පල්ලියේ පූජකවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ වූයේ ඉන් පසුවයි.