2023 නොවැම්බර් 26, පෙ.ව. 10:31
ගාසා තීරයේ ක්‍රියාත්මක ඊශ්‍රායල – හමාස් සටන් විරාමය පවතින තෙක් ඇමරිකානු හමුදා ඉලක්ක වෙත කෙරෙන ප්‍රහාර අඩු කරන බව ඉරාකයේ කටයිබ් හිස්බුල්ලා සංවිධානය පවසනවා.
එහි මහලේකම් අබු හුසේන් අල්-හමිදාවි කියා සිටියේ මෙසේ ප්‍රහාර අවම කළ ද ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා ඉවත් කරගන්නා තෙක් තම ප්‍රහාර නැවැත්වීමේ අදහසක් නොමැති බවයි.
ඇමරිකානුවන්ගෙන් රට සම්පූර්ණයෙන් මුදාගැනීම සඳහා එක්වන ලෙස අල්-හමිදාවි ඉරාක ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ගාසා තීරයේ සටන් ආරම්භ වූ පසු ඉරාකයේ ඇමරිකානු හමුදා රැඳී සිටින කඳවුරු වෙත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර නිතර එල්ල වෙමින් තිබෙනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48