hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මැයි 06, ප.ව. 2:10



තුන් වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

එරට වේලාවෙන් පෙරවරු 11:00ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3:30ට) රාජාභිෂේක උත්සවය වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී පැවැත්වෙනු ඇති.

එහිදී රජු චාල්ස් සහ රාජ මෙහෙසිය වන කැමිලා නිල වශයෙන් කිරුළු පළදීම සිදු වෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ, රාජාභිෂේකය දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් මේ වන විට මධ්‍යම ලන්ඩනයට එක්රොක් වෙමින් සිටින බවයි.

පෙරවරු 11:00ට ආරම්භ වන දේව මෙහෙය කැන්ටබරි අගරදගුරුතුමා විසින් මෙහෙයවනු ලබන අතර රාජකීය පවුල මෙන් ම ලෝක නායකයින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද ඊට සහභාගි වනු ඇති.

එක්සත් රාජධානියේත්, ඉන් පිටතත් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය සැමරීම සඳහා සූදානම්වෙමින් සිටින බව බීබීසීය වාර්තා කර තිබෙනවා.

එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ, 1953 වසරේදී රජුගේ මව, දෙවන එලිසබෙත් රැජිණ වෙනුවෙන් පැවති රාජාභිෂේකයට වඩා කුඩා, කෙටි හා වඩා ත් විවිධත්වයකින් යුත් උත්සවයක් චාල්ස් රජු විසින් තෝරා ගනු ලැබ ඇති බවයි.