hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 07, ප.ව. 3:52



ඊයේ (06) දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග තෙවන චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත්වුණා.

එම තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා විරෝධතාවයන් ඇති වුණා.

එයට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්‍රයේ විරෝධාතවල නිරත වුණා

විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.

III චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව පවසමින් විරෝධතා පුවරු අතැතිව ඔවුන් විරෝධතාවයේ නිරත වී ඇති අතර විරෝධතාවයේ නිරත පිරිස් මාර්ග අවහිර වන ලෙස විරෝධතාවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනිම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී නිල වශයෙන් ඊයේ ඔටුනු පැළදුවා.

ඒ වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු පළමු රාජාභිෂේකය ලෙස ඉතිහාසයට එක් වෙමින්.

මෙහි දී, කැමිලා බිසව එක්සත් රාජධානියේ රැජින ලෙස කිරුළු පැළඳු අතර 1953 වසරේ පැවැති දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයට සාපේක්ෂව වඩාත් සරල සහ කෙටි උත්සවයක් ලෙස මෙම රාජාභිෂේකය සැලසුම් කර තිබිණා.