2024 අගෝස්තු 16, ප.ව. 4:09
කුර්ස්ක් පළාතේ තමන් අල්ලාගත් ප්‍රදේශයන් හි මිලිටරි පරිපාලනය පිහිටුවීමට කටයුතු කරන බව යුක්‍රේන හමුදාපති අලෙක්සන් දර් සිර්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.
අගෝස්තු 6 වනදා ඇරඹුණ යුක්‍රේන හමුදාවන් හි කුර්ස්ක් ආක්‍රමණය විසින් ජනාවාස 74 ක් තමන් අතට ගෙන ඇතැයි ද වර්ග කිලෝමීටර් 1000 ක ප්‍රදේශයක් තමන් අල්ලාගත් බව ද සිර්ස්කි මීට පෙර පවසා තිබුණා.
මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ තම හමුදා සූද්ජ නගරය අල්ලාගත් බවයි. එය දේශසීමාවෙන් කිලෝමීටර් 10 ක් ඇතුලත කුර්ස්ක් පළාතේ පිහිටි 6,000 ක පමණ ජනතාවක් ජීවත් වූ නගරයක්.
යුක්‍රේන හමුදාවන් වෙත කුර්ස්ක් පළාතේදී ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියාව පවසනවා. ඔවුන් විසින් යුක්‍රේනය සතුව තිබූ හයිමාර්ස් මිසයිල පද්ධතියක් ද විනාශ කර තිබෙනවා.
තවද රුසියානුවන් කුර්චාතෆ් නගරයට දකුණින් ආරක්ෂක අගල් සාරමින් සිටින බව වාර්තා වනවා. එම ප්‍රදේශය තිබෙන්නේ යුක්‍රේනියානුවන් ඉදිරියට පැමිණි බව සඳහන් වූ ප්‍රදේශයන් ද තරමක් අභ්‍යන්තරයේයි. කුර්ස්ක් න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇත්තේ ද කුර්චාතෆ් නගරයේ යි.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්‍බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:16