2023 පෙබරවාරි 14, පෙ.ව. 3:34
චීන වෙරළ ආරක්ෂක නෞකාවක් එල්ල කළ ලේසර් කිරණ හේතුවෙන් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවක සිටි නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වී ඇතැයි පිලිපීන ආරක්ෂක අංශ චෝදනා කරනවා.
පිලිපීන වෙරළ ආරක්ෂකයන් සිය නිල මුහුණු පොත් පිටුවේ සටහනක් තබමින් චෝදනා කර ඇත්තේ චීන වෙරළ ආරක්ෂක නෞකාව තම නෞකවට මීටර් 137 ක දුරක් දක්වා අසළට පැමිණි බවයි.
එම නෞකාවෙන් එල්ල කළ කොළ පැහැති ලේසර් කිරණ හේතුවෙන් තම නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වූ බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා නොමැත.
මෙම සිදුවීම ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා දකුණු චීන මුහුදේ නන්චා දූපත් අසලදී සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24