hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 04, ප.ව. 11:34



හිස්බුල්ලා මහ ලේකම් හසන් නස්රල්ලා කළ ප්‍රසිද්ධ කතාවෙන් දිනකට පසු ලෙබනන දේශසීමාවේ ගැටුම් දිගටම වාර්තා වනවා.

අද දින අවස්ථා කිහිපයක ඊශ්‍රායලය දෙසට ප්‍රහාර එල්ල වූ අතර ඊශ්‍රායලය ද ලෙබනනය දෙස ප්‍රහාර එල්ල කළා. තවද ඊශ්‍රායල හමුදා ඉලක්ක කිරීමට ගිය හිස්බුල්ලා කණ්ඩායම් දෙකකට ද පහරදුන් බව ඊශ්‍රායල හමුදා පැවසුවා. එමෙන්ම හිස්බුල්ලා නිරීක්ෂණ ස්ථානයකට ද පහරදුන් බව ඔවුන් සඳහන් කළා.

එමෙන්ම රොකට් ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් හිස්බුල්ලා රොකට් ගබඩාවක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර පහරදුන් බව ඊශ්‍රායලය කියා සිටියා. කෙසේ වෙතත් ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ තම මූලික අවධානය ඇත්තේ ගාසා තීරය වෙත බැවින් ලෙබනන පෙරමුණේ ආරක්ෂක පියවර පමණක් මූලිකව ගන්නා බවයි.

හිස්බුල්ලා සංවිධානය කියා සිටියේ ලෙබනන පෙරමුණේ ඊශ්‍රායල හමුදා ඉලක්ක හයකට තමන් අද ප්‍රහාර එල්ල කළ බවයි.

ඊයේ කළ කතාවේදී හිස්බුල්ලා මහ ලේකම්වරයා ලෙබනන දේශසීමාවේ සටන් තීව්‍ර කරන බවක් කියා සිටියේ නැහැ. නමුත් තත්ත්වය පැතිරීම වැළැක්වීමේ වගකීම ඇත්තේ ඊශ්‍රායලයට බව ඔහු කියා සිටියා.