hit counter

2024 දෙසැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2024 ජූලි 08, පෙ.ව. 10:52



ප්‍රංශ මහමැතිවරණයෙහි ඊයේ පැවති දෙවන වටයෙන් පසුව අනපේක්ෂිත ලෙස එරට වාමාංශික නව ජනතා පෙරමුණ සන්ධානය පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

වට දෙක අවසානයේදී ඔවුන් ආසන 577 කින් යුත් ජාතික සභාවේ ආසන 180 ක් දිනාගෙන තිබෙනවා. ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අන්සම්බ්ල සන්ධානය ද අනපේක්ෂිත ලෙස ආසන 159 ක් සමග දෙවන ස්ථානයට පැමිණියා.

අන්ත දක්ෂිනාංශික ජාතික රැළිය ප්‍රමුඛ පිරිස ආසන 142 ක් ලබාගෙන තුන්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. නමුත් ඡන්ද ප්‍රතිශතය සැලකීමේදී ඔවුන්ට සියයට 37 ක් වූ ප්‍රතිශතයක් ලැබී තිබෙනවා.

මෙම ප්‍රතිඵලය අන්ත ජාතිකවාදය මෙන්ම ජනාධිපති මැක්‍රොන් ද ප්‍රතික්ෂේප කිරීමක් බව නොනැමුණ ප්‍රංශය පක්ෂයේ ශෝන්-ලුක් මිලැන්ශොන් කියා සිටියා. එමෙන්ම තම සන්ධානය වෙත අගමැති ධුරය ලැබිය යුතු බව ද ඔහු සඳහන් කළා.

මේ අතර අගමැති ගේබ්‍රියෙල් අත්තල් අද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ රාත්‍රියේ කියා සිටියා.

ජාතික රැළියෙහි අගමැති අපේක්ෂකයා වූ ජෝර්දාන් බර්දෙලා සඳහන් කළේ අපකීර්තිමත් වාම සන්ධානය විසින් තම ජයග්‍රහණය සොරාගත් බවයි.

නව අගමැතිවරයකු පත්කිරීම ප්‍රංශ ජනාධිපති සතු කාර්යයක් වනවා. ඔහු ඒ පිළිබඳ මෙතෙක් නිල වශයෙන් කිසිවක් සඳහන් කර නැහැ.

Example Image