hit counter

2023 ජූනි මස 02 වන සිකුරාදා

2023 මැයි 24, ප.ව. 1:08



ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියට අනුව හැරිස් පාර්ක් ඉන්දියානු ජාතීන් බහුල වශයෙන් ජීවත් වන සුළු හා මධ්‍ය පරිමාණයේ ඉන්දියානු ව්‍යාපාරිකයින් ජීවත්වන ප්‍රදේශයක් බව සටහන් කර තිබෙනවා.

තෙදිනක සංචාරයක් සඳහා පැමිණි ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි බට හිත සිඩ්නි නුවරට පැමිණ හැරිස් පාර්ක් දිස්ත්‍රික්කයේ පළමු පුංචි ඉන්දියාව පුවරුව විවෘත කරන ලදී. පුංචි ඉන්දියාව දිනෙන් දින ප්‍රගතියට පත්වන ඉන්දියාව පිළිබිඹු කරන බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

මේ අතර මෝදි අගමැතිවරයා හමු වූ ගායක අනූප් ජලෝටා පැවසුවේ පාකිස්ථාන වැසියන් මෝදි වැනි නායකයකු ගැන සිහින මවමින් සිටින බවයි.

සිඩ්නි නුවර සිටින ඉන්දීය ජාතිකයන් මෝදි අගමැති ධුරයේ දිගටම සිටිනවාට හදවතින්ම කැමති බව ද ජලෝටා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.