2024 ජූලි 01, පෙ.ව. 11:59
ඊයේ පැවති ප්‍රංශ මහමැතිවරණයේ පළමු වටයේදී ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අන්සම්බ්ල සන්ධානය තුන්වන ස්ථානයට පත් වුණා.
එම සන්ධානයට ලබාගත හැකිවූයේ සියයට 20.8 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
මේ අතර ජාතික රැළිය පක්ෂය සියයට 33 ක් ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. වාමාංශික නව ජනතා පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 28.1 ක්.
පළමු වටයේදී මන්ත්‍රීන් 70 කට වැඩි පිරිසක් ජාතික සභාවට තේරීපත්ව ඇති අතර ජාතික රැළිය සහ නව ජනතා පෙරමුණ යන දෙපාර්ශවයම මන්ත්‍රී ධුර තිහ ඉක්මවා දිනාගත්තා. ඉතිරි මන්ත්‍රීවරුන් තෝරාගැනීමට අදාල ආසනවල මැතිවරණයේ දෙවන වටයේදී තරග පැවැත්වෙනවා. එය සිදුවන්නේ ජූලි 7 වනදායි.
ජූනි 9 වනදා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පක්ෂය ලබාගත් දුර්වල ප්‍රතිඵලය හේතුවෙන් මැක්‍රොන් හදිසි මැතිවරණයක් කැඳවීමට තීරණය කළා. එම මැතිවරණයේදී අන්ත ජාතිකවාදී ජාතික රැළිය පළමු ස්ථානයට පත්වුණා. මැක්‍රොන් අපේක්ෂා කළේ මහමැතිවරණයේදී ජනතාව ජාතික රැළිය ප්‍රතික්ෂේප කරනු ඇති බවයි.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15