hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 24, ප.ව. 2:12



ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ජනප්‍රියත්වය පතුලටම පතුලටම කිඳා බැස ඇතැයි ඊයේ නිකුත් වූ සමීක්ෂණයක් මගින් පෙන්නුම් කර තිබෙනවා.

ලු ජර්නල් ඩු ඩිමොන්‍ෂ් (Le Journal du Dimanche) පුවත්පත වෙනුවෙන් IFOP ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් අනුව ප්‍රංශ සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස මැක්‍රොන්ගේ කටයුතු පිළිබඳ අනුමත කර ඇත්තේ සියයට 26 ක පිරිසක් පමණයි. මෙය 2017 දී ඔහු පළමු වරට ජනාධිපති ලෙස පත්වූ පසු මැක්‍රොන් වාර්තා කළ පහළම ජනප්‍රියත්වයක් බව සඳහන්.

මේ අතර අගමැති ගේබ්‍රියෙල් අත්තල්ගේ ජනප්‍රියත්වය ද යම් තරමකට පහත වැටී ඇතත් එය සියයට 41 ක මට්ටමක පවතිනවා.

මේ අතර IPSOS ආයතනය විසින් ලු පැරිසියෙන් (Le Parisien) පුවත්පත සඳහා කළ සමීක්ෂණයක් අනුව ජාතික රැළිය එළඹෙන මහමැතිවරණයේ පළමු වටයේදී සියයට 35.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි අනුමාන කෙරෙනවා. මේ අතර වාමාංශික නව ජනතා පෙරමුණ සන්ධානය සියයට 29.5 ක් ලබාගන්නා බව අනුමාන කරන එම සමීක්ෂණය​, මැක්‍රොන්ගේ අන්සම්බ්ල සන්ධානය (Ensemble) වෙත ලබාදෙන්නේ සියයට 19.5 ක ප්‍රතිශතයක්.

කෙසේ වෙතත් මෙම මහමැතිවරණයේදී ජාතික රැළියට ජාතික සභාවේ බහුතරය දිනාගත නොහැකි වනු ඇතැයි සමීක්ෂකයන් සෑම දෙනකුම පාහේ අනුමාන කරනවා.

ප්‍රංශ මහමැතිවරණයේ පළමු වටය ජූනි 30 වනදා පැවැත්වෙන අතර දෙවන වටය පවත්වනු ලබන්නේ ජූලි 7 වනදා යි. මෙම මැතිවරණයේදී ප්‍රංශ ජාතික සභාවේ මන්ත්‍රීන් 577 ක් තෝරාපත් කරගනු ඇති.

Example Image