hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 4:29



තමිල්නාඩු ප්‍රාන්තයේ නගරයක් වන සාලෙම්හි තලෙයිවෙට්ටි මුනියප්පන් කෝවිල මින් ඉදිරියට බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකිය යුතු බව මදුරාසි මහාධිකරණය නියෝගයක් නිකුත් කරමින් නියෝග කර ඇතැයි indian express වෙබ් අඩවිය වාර්තා කරනවා.

තලෙයිවෙට්ටි මුනියප්පන් යනු සාලෙම් ජනතාව අදහන දෙවිවරයෙක්.

තලෙයිවෙට්ටි මුනියප්පන් කෝවිලේ සිදු කළ තාක්ෂණික සහ විද්‍යාත්මක පරීක්ෂණ වල වාර්තා පදනම් කරගනිමින් මදුරාසි මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

තලෙයිවෙට්ටි මුනියප්පන් කෝවිල පරීක්ෂා කළ විද්වත් කමිටුව එහි ප්‍රතිමා වල බුදුන් බුදුන්වහන්සේගේ මහා ලක්ෂණ කිහිපයක් නිරූපණය වන බව නිගමනය කිරීම හේතුවෙන් තලෙයිවෙට්ටි මුනියප්පන් දෙවි වරයා ලෙස එම ප්‍රතිමා තවදුරටත් සැලකීම සුදුසු නොවන බව මදුරාසි මහාධිකරණය නියෝග නිකුත් කරමින් ප්‍රකාශ කළ බව ද indian express වෙබ් අඩවි වාර්තා කරනවා.

මේ අතර ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථාන එම ප්‍රදේශවල ජනතාව විසින් හින්දු කෝවිල බවට පරිවර්තනය කර ගනු ලැබ තිබෙන බව ඉන්දීය එක්ස්ප්‍රස වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.