2024 ජූනි 11, ප.ව. 4:20
අප්‍රිකාවේ මලාවි රාජ්‍යයේ උප ජනාධිපති ආචාර්ය සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගිය බව එරට ජනාධිපති ලසාරස් චක්වේරා විසින් තහවුරු කර තිබෙනවා.
ඊයේ උප ජනාධිපතිවරයා සහ තවත් නව දෙනකු ගමන් කළ ගුවන් යානයක් අතුරුදහන් වූ අතර එහි සුන්බුන් අද උදෑසන චිකංගවා වනාන්තරයේදී සොයාගත් බවයි ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ කාර්යාලය විසින් නිකුත් කෙරුණ නිවේදනයකින් කියැවුණේ..
මෙම යානයේ සුන්බුන්වල දර්ශන බව කියන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන්නට වූ අතර ඉන් ස්වල්ප මොහොතකට පසු උප ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳ තහවුරු කරනු ලැබුණා.
ආර්ථික විද්‍යාඥයකු වූ චිලීමා 2020 දී උප ජනාධිපති ධුරයට පත්වුණා. ඔහු මලාවි රාජ්‍යයේ ආර්ථික සැලසුම් සහ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 10:16
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 9:31
2025 ඔක්තෝබර් 29, ප.ව. 8:43
2025 ඔක්තෝබර් 29, ප.ව. 7:19
2025 ඔක්තෝබර් 27, ප.ව. 11:27