2024 මැයි 07, ප.ව. 11:10
මොස්කව් හි ක්‍රෝකුස් සිටි හෝල් ප්‍රහාරයෙහි මහමොළකරු කවරකුදැයි බොහෝදුරට නිවැරදි ලෙස අනුමාන කිරීමට තමන් සතුව කරුණු ඇති බව ද එම මහමොළකරු පිටරටක සිටින්නකු බව ද රුසියාවේ FSB ආයතනයේ ප්‍රධානී අලෙක්සන්දර් බෝර්ත්නිකෆ් පවසනවා.
රුසියාවේ ඉන්ටර්ෆැක්ස් මාධ්‍ය ආයතනය වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් මීට අමතරව එම මහ මොළකරු යයි සැකකරන තැනැත්තා පිළිබඳ යමක් බෝර්ත්නිකෆ් සඳහන් කර නැහැ.
මෙම ප්‍රහාරය සම්බන්ධව මේ වනවිට 12 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර 140 කට වැඩි පිරිසකට මරු කැඳවමින් එම ප්‍රහාරය දියත් කළ සිව් දෙනා ද වනවා. රුසියාව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රහාරයට යුක්‍රේන බුද්ධි අංශයන් හි සම්බන්ධයක් ඇති බවට සැක කරන බවයි.
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43