hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ජූලි 14, පෙ.ව. 10:48



ඕස්ට්‍රේලියාවේ මහ බැංකුවේ නායකත්වය ප්‍රථම වරට කාන්තාවක් විසින් දරනු ලබන බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) වසර හතක් අධිපතිවරයා ලෙස කටයුතු කළ Philip Lowe ගේ නික්මයාමෙන් පසු Michele Bullock පත් වනු ඇති බවයි පැවසෙන්නේ.

දැනට RBA හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරන Michele Bullock සැප්තැම්බර් 18 වන දින නව තනතුරේ වසර හතක කාලයක් සඳහා වැඩ ආරම්භ කරමින් කටයුතු කිරීමට නියමිතයි.

මෙම භූමිකාවට පැමිණීම අභියෝගාත්මක කාලයක් බවත්, ශක්තිමත් විධායක කණ්ඩායමක් ඇති බැවින් ඔවුන්ගේ සහාය ලැබෙනු ඇති බවත් Michele Bullock ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.