hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 24, ප.ව. 12:28



ප්‍රථම වතාවට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී ශ්‍රී ලාංකේය රූප සුන්දරිය තේරීම සඳහා පැවති Miss Sri Lanka New York තරගයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඇන්ජිලා ගුණසේකර මෙනෙවිය සමත් වූවා.

මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇති අතර ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු පදිංචිව සිටින ස්ටේටන් අයිලන්දි මෙම තරගය පවත්වා තිබෙනවා.

අවසන් වටයට තේරුණු ශ්‍රී ලාංකේය තරගකාරියන් හය දෙනා අතරින් ඇන්ජිලා ගුණසේකර පළමු තැන හිමි කරගනිද්දී අමන්දා විපුල් දෙවැනි ස්ථානයද, අමායා වනිගරත්න තෙවැනි ස්ථානයද හිමි කර ගත්තා.

නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා රූ රැජින ලෙස තේරී පත් වූ ඇන්ජිලාට ඇමරිකානු ඩොලර් දහසක ත්‍යාගයක්ද කිරුළක්ද හිමි වුණා.

මෙම තරගාවලිය සංවිධානය අතර රැස් කෙරෙන මුදල් පවතින ආර්ථික තත්වය හමුවේ ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයෙන් පීඩා විඳින පිළිකා රෝහලට ලබාදීමට කටයුතු කරන බව සංවිධායකයින් සඳහන් කරනවා.