2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:49
උතුරු අප්‍රිකාවේ මොරොක්කෝවට මැග්නිටියුඩ් 6.8 ක දැවැන්ත භූමිකම්පාවක් බලපා තිබෙනවා. එරට වෙලාවෙන් ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය සිදුවුණ බවයි මාධ්‍ය වාර්තා කියා සිටියේ. මෙමගින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුව ඇති යයි සැක පළ කෙරෙන බවයි වාර්තා වන්නේ.
සංචාරකයන් අතර ද බෙහෙවින් ජනප්‍රිය මරකෙශ් නගරයට කිලෝමීටර 72 ක් පමණ නිරිතදිගින් පිහිටි ස්ථානයක සාපේක්ෂව අඩු ගැඹුරක් වන පොළව මට්ටමෙන් කිලෝමීටර් 18.5 ක් ගැඹුරක මෙම භූ කම්පනයෙහි අපිකේන් ද්‍රය පිහිටි බවයි සඳහන් වන්නේ.
භූ කම්පනයෙන් ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූප සහ වීඩියෝ මගින් පෙනී යනවා. එහෙයින් ජීවිත හානි ප්‍රමාණය අධික විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. දැනට ඒ පිළිබඳ නිල වශයෙන් වාර්තා කෙරී නැහැ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24