hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 9:04



මාලදිවයිනෙහි ඊයේ පැවති ජනාධිපතිවරණයේ දෙවන වටයෙදී ඉන්දියානු හිතවාදී ජනාධිපති ඊබ්‍රහීම් සෝලිහ් පරදා මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කර තිබෙනවා.

මූලික ප්‍රතිඵල අනුව මුයිසුට සියයට 54 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති අතර සෝලිහ්ට ලැබී ඇත්තේ සියයට 46 ක ඡන් ද ප්‍රතිශතයක් පමණයි.

ඊබ්‍රහීම් සෝලිහ් පරාජය භාරගනිමින් මොහොමඩ් මුයිසු වෙත සුබපතා ඇති බවයි මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේ.

මොහොමඩ් මුයිසු චීනයට වඩා නැඹුරු අයකු වන අතර සෝලිහ් ඉන්දියාව සමග කරන කටයුතු හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇතැයි චෝදනා කරනවා.

මුයිසුගේ ජයග්‍රහණය ඉන්දීය සාගරයේ දේශපාලනය වෙනස් කිරීමට හේතු වේ යයි අනුමාන කෙරෙනවා.