hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 10:03



රකයින් පළාතේ පවුක්ටවු නගරයට මියන්මාර් හමුදා හෙලිකොප්ටර් සහ නාවික යාත්‍රා මගින් පහර දුන් බව අරාකන් හමුදාව පවසනවා.

මෙම ප්‍රහාරය එල්ල වී තිබුණේ අරාකන් හමුදාව විසින් එම නගරයේ බලය බදාදා දිනයේ අල්ලාගත් පසුයි.

මේ අතර හමුදා කණ්ඩායමක් නගරයට කඩාවැදී පුද්ගලයන් විසි දෙනකුට පමණ වෙඩි තබා ඇතැයි වාර්තා වන අතර ඉන් දසදෙනකු මියගිය බව ද වාර්තා පළ වනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ මියන්මාර් හමුදා නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

නගර වැසියන් එම නගරය අතැර වෙනත් ප්‍රදේශ කරා පළා යාමට පටන් ගෙන තිබෙන බව ද වාර්තා වනවා.

රකයින් පළාත මේ වනවිට දරුණු සටන් පවතින ප්‍රදේශ කිහිපයෙන් එකක් වන බව මියන්මාරයෙන් ලැබෙන වාර්තා පවසා සිටිනවා.