hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 7:16



මියන්මාරය සහ චීනය අතර දේශසීමා දොරටුවක් වන චි සං ජෝ (Kyin San Kyawt) දොරටුව අල්ලාගත් බව මියන්මාර් කැරලිකරුවන් පවසනවා.

මියන්මාරයේ චීන දේශසීමාව අසළ ප්‍රධාන වෙළෙඳ නගරයක් වන මුසේ (Muse) ආසන්නයේ මෙම දොරටුව පිහිටා තිබෙනවා.

මෙම දොරටුව ඊයේ තමන් අතට පත්වූ බව මියන්මාර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන හමුදාව පවසා සිටිනවා. මෙය එම කැරලිකරුවන් ලද ඉතා වැදගත් ජයග්‍රහණයක් වන බවයි විචාරකයන් පවසන්නේ.

මේ අතරතුර මියන්මාරයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල සිදුවුණ සටන්වලදී මියන්මාර් හමුදා සාමාජිකයන් 64 දෙනකුවත් මියගිය බවත් තවත් 38 දෙනකු අල්ලාගත් බවත් කැරලිකරුවන් පවසා සිටියා.

ෂාන් ප්‍රාන්තයේ සහ සගයිංග් හ් මන්ඩලේ ප්‍රදේශයන් හි මෙම සටන් වාර්තා වුණා.