hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 16, ප.ව. 3:15



නේපාලයේ දී ඊයේ (15) අනතුරට ලක් වූ යෙටී ගුවන් සේවයට අයත් යානයේ අවසන් තත්ත්පර කිහිපයේ සටහන් රූගත කෙරුණු ජංගම දුරකථනයක් සුන්බුන් අතර තිබී හමු ව ඇති බව NDTV ඉන්දීය වෙබ් අඩවිය පවසනවා.

එහිදී එක් මඟියකු මෙම අවසන් තත්ත්පර කිහිපය සජීවී ව ෆේස්බුක් සමාජ ජාලයට මුදා හැර තිබූ අතර, ඔහු එය රූගත කිරීම ආරම්භ කරන අවස්ථාවේ යානය පොක්රා ගුවන් තොටුපළට බැස්සවීමට සූදානම් වන ආකාරය සහ එහි සිටි මඟින් ප්‍රීතියෙන් පසු වන බව පෙන්නුම් කරනවා.

කෙසේ වුව ද නිමේෂයකින් ගුවන් යානය කරකැවෙන්නට ගන්නා අතර, මහ හඬක් නංවමින් ගිනි ජාලාවක් බවට පත්වන අයුරු ද මෙම හානියට පත් නො වූ ජංගම දුරකථනයේ සටහන් ව තිබෙනවා.

මෙම ජංගම දුරකථන වඩියෝ පටය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ ආරක්ෂක අංශ ප්‍රධානියකු සිය හිතවත් නේපාල දේශපාලකයකු වෙත ලබා දීමෙන් අනතුරු ව එය ඉන්දීය මාධ්‍ය වෙත විසින් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.