hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 11:55



හිටපු පෝලන්ත අගමැති සහ යුරෝපා කොමිසමේ හිටපු සභාපති ඩොනල්ඩ් ටස්ක් ඊයේ පෝලන්තයේ අගමැති ලෙස නැවත වරක් තේරී පත්වුණා.

හිටපු අගමැති මතෙයුස් මොරවියෙකි පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වූ පසුවයි ටස්ක් අගමැති ධුරයට පත් වූයේ. ටස්ක් විසින් මෙහෙයවන ලද පුරවැසි සන්ධානය නොබෝදා පැවති මහමැතිවරණයේදී දෙවැනි වැඩිම ආසන ප්‍රමාණයක් ලබාගත් අතර තවත් පාර්ශව කිහිපයක් හා එක්ව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

පෝලන්තයේ කලින් පැවති නීතිය හා සාධාරණත්ව පක්ෂය ප්‍රමුඛ ජාතිකවාදී සන් ධානය මෙන් නොව ටස්ක් යුරෝපා සංගමයට පක්ෂ දේශපාලකයකු වන අතර යුක්‍රේනයට ද හිතවාදී වනවා. කලින් පැවති පෝලන්ත ආණ්ඩුව යුක්‍රේන-රුසියා යුද්ධයේ ආරම් භයේ සිට යුක්‍රේනයට බෙහෙවින් ආධාර කළ නමුත් මෑතකාලීනව ඇතිවූ මතභේද හේතුවෙන් යුක්‍රේන-පෝලන්ත සබඳතා බරපතල ලෙස පළුදු වුණා.

ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කරන්නේ යුක්‍රේනයට ආධාර කිරීම පිණිස බටහිර රටවල් එකාවන්ව කටයුතු කළ යුතු බවයි.