hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 25, පෙ.ව. 11:38



අමෙරිකාවේ නිව්යෝක් නුවර ගොඩනැඟිලිවල බරට යටවෙමින් පවතින බව එරට භූ විද්‍යා පර්යේෂණ අධ්‍යයනයකින් අනාවරණය වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළා.

මේ තත්ත්වය මත ගෝලීය මට්ටමට වඩා දෙගුණයකින් මුහුදු මට්ටම ඉහළ යනු ඇතැයි ද එම වාර්තාවෙන් අනතුරු අඟවා තිබෙනවා.

නිව්යෝක් නුවර මේ වනවිට අහස උසට ගොඩනැඟිලි අතිවිශාල ප්‍රමාණයක් පිහිටා ඇතැයි ද, එහි බර කිලෝග්‍රෑම් බිලියන 762ක් පමණ වන බව ද අමෙරිකා භූ විද්‍යා පර්යේෂණ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. ඒ අනුව වසර 2025 වන විට අඟල් 30කින් පමණ මුහුදු මට්ටම ඉහළ යනු ඇතැයි ද අනතුරු අඟවා තිබෙනවා.

මෑත කාලයේ නිව්යෝක් නුවර උද්ගත වූ ගංවතුර තත්ත්වය ද සැලකිල්ලට ගෙන භූ විද්‍යා පර්යේෂකයකු ප්‍රකාශ කර ඇත්තේ වෙරළබඩ, ගංගා ඉවුරු හෝ වැව් ඉවුරු ආශ්‍රිතව උස් ගොඩනැඟිලි ඉදි කිරීම අනාගතයේදී ගංවතුර තත්ත්වය වඩත් බරපතළ කරනු ඇති බවයි.