hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 මාර්තු 13, ප.ව. 4:13



චීනයේ – ෂැංහයි නුවර, වසරක් වයසැති දරුවෙකුගේ මොළයේ නව ජන්ම කළලයක් සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවුන් දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම තත්ත්වයට මුහුණදී ඇති බවයි.

ෆීටස් ඉන් ෆෙටු නම් දුර්ලභ රෝගී තත්වයට ගොදුරුවීම හේතුවෙන් මෙය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩුණු දරුවාගේ චලනය හා සම්බන්ධ ශාරීරික ක්‍රියාකාරකම්වල ගැටළු පෙන්නුම් කිරීම සහ හිස විශාල වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසුව ඒ පිළිබඳව අනාවරණය කරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.