hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 15, ප.ව. 2:46



නවසීලන්තයේ වෙලිංටන් නගරයේ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 අගයක් ගත් භූ කම්පනයක් අද (15) හටගෙන තිබෙනවා.

භූමි කම්පාව හේතුවෙන් වෙලිංටන් නගරයේ තත්පර කිහිපයක ශක්තිමත් සෙලවීමක් සිදුව තිබෙනවා.

පුද්ගලයන් 10000 කට අධික ප්‍රමාණයක් අවතැන් වෙමින් 4 දෙනකුට මරු කැඳවූ ගෙබ්‍රියෙල් සුළි කුණාටු නවසීලන්තයට කඩා වැදී දින කිහිපයක් ගත වෙත්ම මෙම භූමි කම්පාව හටගෙන තිබෙනවා.

භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් අපදා වාර්තා වී නොමැත.