hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 26, ප.ව. 5:40



සන්නද්ධ කල්ලිවල ප්‍රහාරවලට බියෙන් නයිජීරියානු රජය අබුජා අගනුවර විද්‍යාලයක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ අවට ගම්මානවල පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් ක්වාලි හි පිහිටි ෆෙඩරල් රජයේ විද්‍යාලය වසා දැමීමට සිදුවූ බවයි.

එමෙන්ම සිසුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සහතික කිරීම සඳහා ආරක්ෂක ආයතන සමග සම්බන්ධ වන ලෙසද රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.