hit counter

2026 අගෝස්‍තු මස 11 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 24, ප.ව. 7:12



ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවූ සටන් විරාමයෙන් අනතුරුව ඊශ්‍රායලයේ උතුරු දෙස ද සටන් සිදු නොවන බව මාධ්‍ය වාර්තා කියා සිටිනවා.

ඊයේ දිනයේ ද හිස්බුල්ලා සාමාජිකයන් විසින් ඊශ්‍රායල හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර ඊට ඊශ්‍රායලය ද කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර එල්ල කළා.

ඔක්තෝබර් 8 වනදා මෙම ප්‍රදේශයේ සටන් ඇරඹීමෙන් අනතුරුව මේ දක්වා ඊශ්‍රායල සෙබළුන් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වනවා. හිස්බුල්ලා සටන්කාමීන් 84 දෙනෙක්, හමාස් සටන්කාමීන් හත් දෙනෙක්, පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සාමාජිකයින් හතර දෙනෙක් ඇතුළු සටන්කාමීන් සියයකට ආසන්න පිරිසක් ද සටන්වලින් මියගොස් තිබෙන අතර ලෙබනන සිවිල් වැසියන් 12 දෙනකු ද මියගියා.