hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, ප.ව. 7:35



උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් ඔවුන්ගේ නවතම හයිපර්සොනික් මිසයිලයේ අත්හදාබැලීම නිරීක්ෂණය කළ බව එරට රජයේ පුවත් සේවය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය පවසනවා.

මෙම නිවේදනය අද ඔවුන් විසින් සිදුකළ අතර ඊයේ උතුරු කොරියාව විසින් මිසයිල අත්හදාබැලීමක් සිදුකළ බවට දකුණු කොරියාව සහ ජපානය නිරීක්ෂණය කර තිබුණා.

අතරමැදි පරාසයේ බැලිස්ටික් මිසයිලයක් වන හ්වසොංග්-16B නම් වන මෙම නව මිසයිලය ඝන ඉන්ධනයෙන් ක්‍රියාත්මක වන්නක්.

කිම් ජොංග්-උන් පවසන්නේ මෙම මිසයිල අත්හදාබැලීම තුළින් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ අවි වැඩපිළිවෙලෙහි විශිෂ්ටත්වය පෙන්නුම් කරන බවයි.

හවසොංග්-16B මිසයිලය කිලෝමීටර් 1000 ක දුරක් ගමන් කළ බවත් එය ළඟාවූ උපරිම උන්නතාංශය (උස​) කිලෝමීටර් 101 ක් බවත් කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය පැවසුවා.

හයිපර්සොනික් මිසයිලයක් යනු ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් ඉක්මවන වේගයෙන් ගමන් කරන මිසයිලයක් වන අතර උතුරු කොරියාව ජනවාරියේදී ද හයිපර්සොනික් අතරමැදි පරාස බැලිස්ටික් මිසයිලයක් අත්හදාබැලූ බව ප්‍රකාශ කර තිබුණා.