hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 11:46



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර වස්තොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සිදුවූ හමුව අවස්ථාවේ උතුරු කොරියානුවකු අභ්‍යවකාශය වෙත යැවීම පිළිබඳ ද අදහස් හුවමාරු වූ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කළේ යයි රුසියාවේ RT රූපවාහිනිය පවසනවා.

චන්ද්‍රිකා තාක්ෂණය හුවමාරු කරගැනීම පිළිබඳ අද දින සිදුවූ සාකච්ඡා අවස්ථාවේ කතාබහට ලක්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ඒ බව ව්ලදිමීර් පුටින් අද උදෑසන මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් ඇඟවීමක් ද කරනු ලැබුණා. කෙසේ වෙතත් අභ්‍යවකාශගාමියකු පිළිබඳ සාකච්ඡා සිදුවේ යයි කලින් ඇඟවීමක් වූයේ නැහැ. මෙම කටයුත්ත කිනම් කාලයක් තුළදී සිදුවේ යයි ද​ පැහැදිලි වූයේ නැහැ.

රුසියාව අනාගතයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති අතර ස්වකීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි පළමු අදියර 2027 දී කක්ෂගත කරන්නටයි සැලසුම් කර ඇත්තේ.

මෑත කාලීනව උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර අභ්‍යවකාශ තරගයක සලකුණු පෙන්නුම් වුණා. දෙරටම සිය රොකට් තාක්ෂණය පුළුල් කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.