2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 11:56
උතුරු කොරියාව සිය නවතම සබ්මැරීනය වන (වීරෝධාර කිම් කුන්-ඔක්) සබ්මැරීනය දියත් කළා. උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් සහභාගී වූ උළෙලකදී මෙය සිදුවුණා.
රුසියානු සබ්මැරීනයක සැකැස්ම වැඩිදියුණු කිරීමෙන් නිපදවා ඇති සින්පෝ-C පන්තියේ මෙම සබ්මැරිනය න්‍යෂ්ටික යුධ හිස් රැගත් පුක්ගුක්සොංග්-3 මිසයිල 10 ක් ගෙනයාමට සහ විදීමට සමත් යයි සඳහන් වනවා. එමෙන්ම එහි ඩීසල් ඇන්ජිමක් වෙතත්, ආරෝපණය කළ හැකි බැටරි ද පවතින බැවින්, අවශ්‍ය අවස්ථාවල තාපමිතික අනාවරකවලින් ගැලවී සිටීමට හැකියාව ද තිබෙන බවයි විශ්වාස කරන්නේ.
මෙම මිසයිලය කිලෝමීටර 1,900 ක පරාසයකින් යුක්ත බව ද විශ්වාස කෙරෙනවා. මේ හේතුව නිසා, මෙම සබ්මැරීනය මගින් උතුරු කොරියානුවන්ට සිය මිසයිල ඈත පිහිටි ඉලක්ක කරා යොමුකිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
මේ හේතුව නිසා යුධමය අවස්ථාවකදී ජපානය පමණක් නොව ගුවාම් හි ඇමරිකානු හමුදා කඳවුර ද ඉලක්ක කිරීමේ හැකියාව උතුරු කොරියාවට ලැබෙන බව විශ්වාස කෙරෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24