2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 7:01
ජූලි මාසයේදී උතුරු කොරියාව වෙත පළා ගිය ට්‍රවිස් කිංග් නමැති ඇමරිකානු සෙබළා පිටුවහල් කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබෙනවා.
එරට රාජ්‍ය පුවත් ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කළේ ජනරජයේ නීති ප්‍රකාරව, එරටට නීති විරෝධී ලෙස ඇතුල් වූ එම සෙබළාව පිටුවහල් කිරීමට තීරණය කෙරුණ බවයි.
මෙම වසරේ ජූලි 18 වනදා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුධ මුක්ත කලාපයෙහි ඒකාබද්ධ ආරක් ෂක කලාපය වෙත කළ සංචාරයක් අතරතුරදී ට්‍රවිස් කිං උතුරු කොරියාවට පළා ගියා.
යුධ හමුදා සේවයේදී කළ පහරදීමක් පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර ඔහුව හමුදා සේවයෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණ බවයි වාර්තා වූයේ. කෙසේ වෙතත් උතුරු කොරියාව පවසා සිටියේ ට්‍රවිස් කිං ඇමරිකානු යුධ හමුදාව තුළ වන ජාතිවාදී වෙනස්කොට සැලකීම් හේතුවෙන් කළකිරී සිය රට වෙත පළා ආ බවයි.
2025 පෙබරවාරි 12, පෙ.ව. 9:48
2025 පෙබරවාරි 11, ප.ව. 11:32
2025 පෙබරවාරි 09, ප.ව. 11:21
2025 පෙබරවාරි 09, ප.ව. 11:06
2025 පෙබරවාරි 08, ප.ව. 1:22