2023 අගෝස්‍තු 06, ප.ව. 7:42
පාකිස්ථානයේ කරච්චි නගරයෙන් කිලෝමීටර් 275 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී රාවල්පිණ්ඩි වෙත යමින් තිබූ හසාරා සීඝ්‍රගාමී දුම්රිය පීළිපැනීමෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා.
මේ වනවිට මියගිය සංඛ්‍යාව 30 ක් ඉක්මවා ඇතැයි තහවුරු වී ඇති අතර තුවාල ලැබූවන් ද 100 ක් පමණ වනවා. මෙම සංඛ්‍යා තවත් ඉහළ යා හැකි බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
අවට ප්‍රදේශවල රෝහල් වෙත තුවාල ලැබූවන් ප්‍රවාහනය කෙරෙන අතර එම රෝහල්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි ද වාර්තා වුණා.
දුම්රියෙහි සිරවූ මගීන් බේරාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24