2023 අගෝස්‍තු 25, ප.ව. 11:14
වැග්නර් පුද්ගලික මිලිටරි සමාගමේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ඇතුළු පිරිසක් ගමන් ගත් බව කියන ගුවන් යානයේ කඩාවැටීම රුසියාව විසින් සිදුකළ ක්‍රියාවක් විය හැකි යයි මතුවන චෝදනා ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් ප්‍රතික් ෂේප කළා.
එමෙන්ම ඔහු සඳහන් කළේ යුක්‍රේනයේ හමුදා මෙහෙයුම් සඳහා වැග්නර් සමාගමේ භටයින් විශාල සේවයක් කළ බවයි.
ප්‍රිගෝෂින් ගමන් කළ බව කියන ගුවන් යානය කඩාවැටීමට පෙර යම් පිපිරීමක් ඇසුණේ යයි ඇතැමුන් ප්‍රකාශ කිරීමත් සමග මෙම සිද්ධිය පිළිබඳ සැක මතුවුණා.
මේ අතර වැග්නර් සංවිධානය වසරකට පෙර සිටි ප්‍රබල සංවිධානය නොව බිඳවැටුණ බලවේගයක් බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
වැග්නර් හි අනාගතය අවිනිශ්චිත බව මේ අතර ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. එහි යුරෝපයේ මෙන්ම අප්‍රිකාවේ කටයුතු ඉදිරියේදී කෙසේ වේදැයි නිශ්චිතව සඳහනක් නැහැ. මේ අතර, බෙලරූස් හි රැඳී සිටින එහි සාමාජිකයන් තවදුරටත් එහි සිටිනු ඇතැයි බෙලරූස් ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ පවසනවා.
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:25
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:21
2025 අප්‍රේල් 25, පෙ.ව. 10:47
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 22, ප.ව. 8:14