2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 6:48
මනිපූර් ප්‍රාන්තයේ තරුණයකු සහ තරුණියක ඝාතනය කරනු ලැබීමට එරෙහිව ඊයේ සහ අද එහි දැවැන්ත සිසු උද්ඝෝෂණ පැවති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා.
මෙයිති වාර්ගික 17 හැවිරිදි තරුණියක සහ 20 හැවිරිදි තරුණයකු වන මොවුන් දෙදෙනා පැහැරගෙන තිබුණේ පසුගිය ජූලි මස 6 වනදායි. කෙසේ වෙතත් ඔවුන්ගේ මළ සිරුරුවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන් ගත්තේ මාස තුනකට වඩා එහි බලපවත්වන ලද අන්තර්ජාල අවහිරතාව අවසන් කිරීමෙන් අනතුරුවයි.
උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබුණ අතර, අදාල ඝාතන පිළිබඳ පරීක්ෂණ පවත්වන බව බලධාරීන් ප්‍රතිඥා දී තිබුණා.
මේ අතර මැයි මාසයේ සිදුවූ ස්ත්‍රී දූෂණ පිළිබඳ පරීක්ෂණ කඩිනම් නොවීමට එරෙහිව එම ප්‍රාන්තයේ කුකි ගෝත්‍රික සංවිධානයක කාන්තා සාමාජිකාවන් ද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55