2023 අගෝස්‍තු 09, ප.ව. 11:58
එළඹෙන නොවැම්බර්-දෙසැම්බර් මාසවල ඩුබායි හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවන් අතරතුරදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් සිදුවන්නේ නම් තමන් සතුටු බව එක්සත් අරාබි එමීර් නායක මොහොමඩ් බින් සයෙඩ් අල් නහ්යාන් පවසා ඇතැයි වාර්තා වනවා.
බටහිර සහ අරාබි රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයන් උපුටා දක්වමින් මේ බව වාර්තා කරන්නේ ලෙබනනයේ පළවන L’Orient-Le Jour පුවත්පතයි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙවත් COP28 සමුළුව නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වන්නේදැයි මෙතෙක් සෙලෙන්ස්කි හෝ පුටින් හෝ තහවුරු කර නැහැ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24