hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 27, ප.ව. 2:14



රුසියානු ජනාධිපතිවරයා ලෙස රූපකායෙන් සමාන දෙදෙනකු පෙනී සිටින බවට ඇතිව ඇති කට කතා ක්‍රෙම්ලිනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වන විට හැත්තෑ හැවිරිදි වියේ පසුවන රුසියානු ජනාධිපති ව්ලද්මීර් පුටින් ඔහුගේ සේවා කාලයෙන් වැඩි කලක් න්‍යෂ්ටික බංකරයක රැකවරණය ලබමින් සිට තිබෙනවා.

මොස්කව් අගනුවර පැවති සම්මන්ත්‍රණයකදී ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි දිමිත්‍රි පෙස්කොව් විසින් රුසියාව සම්බන්ධයෙන් ගොතා ඇති බොරු කතා රැසක් දක්වා තිබෙනවා.

මෙවැනි කතා බටහිර ජාතීන් විසින් 1991දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුනු දා සිට ගොතා ඇති බවද ඔහු පැවසුවා.

“පුටින් ආරක්ෂිතව බංකරයකට වී සිටියදී ඔහු වෙනුවෙන් වෙනත් අය පුටින් ලෙස වැඩ කරන බව ඔබ අසා ඇති කතාවක් වෙන්න පුළුවන්.” දිමිත්‍රි පෙස්කොව් සිය කතාවේදී පවසන විට එහි සිටියවුන් සිනහ වීමට ගත් අතර “එයත් තව බොරුවක්” යනුවෙන් පෙස්කොව් පැවසුවා.

“ඔබ දකිනවා අපේ ජනාධිපතිතුමාව ඔහු එදා වගේමයි අදත්. ගොඩක් ක්‍රියාකාරයි.ඔහු ළඟ වැඩකරන අයට ඔහු අනුව කටයුතු කිරීම ගොඩක් අසීරුයි.” පුටින් අසනීප තත්වයෙන් පෙළෙන බවට ඇති කට කතා ද ක්‍රෙම්ලිනය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් පවතිනවා.