hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 2:59



 ‘ලන්ඩන් පාලම’ මෙහෙයුම ලෙසින් නම් කර තිබූ එලිසබෙත් මහ රැජනගේ අවසන් කටයුතු පිළිබඳ දිගු කාලීන සැලැස්ම දැන් ක්‍රියාත්මකයි.

එම කේත නාමයෙන් සිදු කෙරෙන අවසන් කටයුතු මෙහෙයුමට ඇගේ අවමංගල්‍ය සැලැස්ම මෙන්ම නිල ශෝක කාලය පිළිබඳ කරුණු ද ඇතුළත්.

60 දශකයේ මුල් භාගයේදී සැලසුම් කරනු ලැබූ ‘ලන්ඩන් පාලම’ මෙහෙයුම ඇගේ අභාවයෙන් පසු ක්‍රියාත්මක වන්නේ සංශෝධන කිහිපයක් ද ඇතුළත්වයි.

ඒ අනුව චාල්ස් කුමරු තුන් වැනි චාල්ස් රජු වශයෙන් ප්‍රකාශයට පත්වීමෙන් පසු එම නිවේදනය බ්‍රිතාන්‍ය පුරා විවිධ ස්ථානවලදී ජනතාවට දැනුම් දීම පසුගියදා සිදු කෙරුණා.

අගමැතිනිය ලිස් ට්‍රස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයන් රැජනට උපහාර දිනයක් නම් කිරීමටත්, නව රජුට පක්ෂපාතීත්වය සටහන් කිරීමටත් දිවුරා පොරොන්දු වූ අතර, එය සිදුවූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදීයි.

සම්ප්‍රදායික ලෙස ඔටුන්න හිමි නව කුමරු විලියම්, ඔහුගේ බිරිය වේල්ස් හි ආදිපාදවරිය කේට් සමඟ හැරී කුමරුත්, ඔහුගේ බිරිය සසෙක්ස්හි ආදිපාදවරිය මේගන් කුමරියත් මහ රැජන වෙනුවෙන් වින්ඩ්සර් මාළිගාව ඉදිරිපිට මහජනතාව විසින් තබන ලද පුෂ්පෝපහාර නැරඹීමට එක් වුවා.

මේ අතර රැජනගේ බාල දරුවන් තිදෙනා වන ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු සහ එඩ්වඩ් කුමරු මෙන්ම ඔවුන්ගේ පවුල්වල රාජකීය සාමාජිකයන් මහ රැජන අභාවප්‍රාප්ත වූ ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගාව අසල සිය දහස් ගණනක ජනතාවගේ පුෂ්පෝපහාර නැරඹීමට සහ ශෝකී දැන්වීම් කියැවීමට එක්ව සිටියා.