hit counter

2026 ජූනි මස 28 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:31



අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා  සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අවමංගල්‍ය උත්සව කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රැජිනගේ දේහය ලබන අඟහරුවාදා ලන්ඩනයට ගෙන යාමට පෙර ඉරිදා බැල්මොරල් මන්දිරයේ සිට එඩින්බරෝ වෙත ගෙන යනු ඇති.

එය පසුව බදාදා සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේ උදෑසන දක්වා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කරනු ලැබෙනවා.

රැජිනගේ දේහය දැනට ස්කොට්ලන්තයේ රාජකීය ප්‍රමිතියෙන් ආවරණය කර ඇති ඕක් පෙට්ටියක තැන්පත් කර මල් වඩමක් තබා බැල්මෝරල් මන්දිරයේ උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

මාලිගාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, එය නිහඬ අභිමානයෙන් යුත් දර්ශනයක් බවයි.