hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 4:30



රැජිනගේ අවමංගල්‍ය උත්සවයේදී හමුදා නිල ඇදුමින් සැරසී සිටීම සුපුරුදු දසුනක්.

එහෙත් දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයේදී මහරැජනගේ පුතෙකුට සහ මුණුබුරෙකුට ඒ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ රැජනගේ දෙවැනි පුතු වන ඇන්ඩෲ කුමරු සහ දෙවැනි මුනුබුරු හැරී කුමරුයි.

බකිංහැම් මාළිගයෙන් වාර්තා වෙන පරිදි මීට හේතුව ඒ දෙදෙනාම දැනට රාජකීය රාජකාරී කටයුතුවලින් ඈත්වී සිටීමයි.

ඒ හේතුවෙන් ඔවුන්ට සැරසී සිටීමට සිදුවන්නේ සාමාන්‍ය ඇඳුමින්.

බ්‍රිතාන්‍ය විශේෂ අවස්ථා වල හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතු වුවත් විශ්‍රාම ගත් පසු එසේ සැරසීමට නොහැකියි.

විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙකු කෙසේ සැරසිය යුත්තේ ගෞරව පුද කරන අවස්ථාවකදී පමණයි.