hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:22



අභාවප්‍රාප්ත එලිසබෙත් මහ රැජනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාවට පැමිණෙන මහජනතාවගේ පෝලිම කිලෝමීටර් 6ක දුරකට විහිදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මහජන ගෞරවය සඳහා දින 4ක කාලයක් වෙන් කර ඇති අතර, ලබන 19 වැනිදා අවසන් කටයුතු සිදු කරනු තුරු විසිහතර පැය පුරා මහ රැජනට ගෞරවය පුද කිරීමට ජනතාවට අවස්ථාව සලසා තිබෙනවා

රැජනගේ දේහය නැරැඹීමට සහ අවසන් ගෞරව දැක්වීමට පෙළ ගැසුණු ජනතාව වෙස්ට්මිනිස්ටර් සිට ලැම්බත් පාලම හරහා තේම්ස් ගං ඉවුර දිගේ කිලෝමීටර් 4කට ආසන්න දුරකට පෙළ ගැසී සිටිනවා.

අවසන් වරට 2002 දී මහ රැජනගේ මෑණියන්ගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබූ අතර, එවර ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් ඇගේ දේහයට අවසන් ගෞරවය පුද කර තිබෙනවා.