hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 7:01



බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ලෙසට නිර්දේශ කර ඇති බවයි බකිංහැම් මාලිගය පවසනවා.

රැජිණ මේ වන විට බල්මොරල් මාලිගාවේ සිටින බවද සඳහන්.

“අද උදෑසන සිදු කළ වැඩිදුර වෛද්‍ය අධීක්ෂණයෙන් පසු, රැජිණගේ වෛද්‍යවරුන් ඇයට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ලෙස නිර්දේශ කර ඇත,” බකිංහැම් මාලිගය ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම පුවත සැලවීමත් සමග රාජකීය පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ වන විට බැල්මොරල් වෙත පැමිණ ඇති බව ත් සෙසු සාමාජිකයින් ඒ වෙත පැමිණෙමින් සිටින බවයි.

ඇයගේ වෛද්‍යවරුන් ඇයට විවේක ගන්නා ලෙස උපදෙස් දීමත් සමග මහ රැජිණ ඊයේ (07) පැවති ඇගේ ප්‍රිවි කවුන්සිලයේ රැස්වීමකින් ඉවත් වී තිබෙනවා.

ඉන් අනතුරුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා,

බ්‍රිතාන්‍ය මහ රැජිණ මේ වන විට 96 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ඊට ලොව පුරා වැසියන්ගේ අවධානය යොමු වී තිබෙනවා.