2023 ජූලි 07, ප.ව. 4:37
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් සාපරාධී අපහාස නඩුවක වරදකරුවීම වළක්වන ලෙස ඉල්ලා කළ අභියාචනය ගුජරාට් මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2019 මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශය නිසා ගාන්ධි මහතාට වසර දෙකක සිර දඬුවම් නියම වුණා.
දඬුවම් නියම වීමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳව ගැටළු මතුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ගාන්ධි මහතා අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇති බැවින් සියලු නීතිමය අභියාචනා අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට නොගනු ඇති.
එමෙන්ම මේ පිළිබඳව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24