hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 6:50



බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ කැබිනට්ටුවේ පරිසර, ආහාර හා ග්‍රාමීය කටයුතු කැබිනට් අමාත්‍යවරයා (Secretary of State for Environment, Food and Rural Affairs) ලෙස ශ්‍රි ලාංකේය සම්භවයක් සහිත රනිල් ජයවර්ධන පත්කිරීමට ඇය පියවර ගෙන තිබෙනවා.

රනිල් ජයවර්ධන කැබිනට් අමාත්‍යධුරයකට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහු බොරිස්ගේ රජයේ ජාත්‍යන්තර වෙළඳ කැබිනට් නොවන අමාත්‍යවරයා (Minister for International Trade) ලෙස කටයුතු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මුල සිටම පෙනී සිටි රනිල් ජයවර්ධන 2015 දී හැම්ප්ශයර් ප්‍රාන්තයේ මන්ත්‍රීවරයා වශයෙන් මුලින්ම බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.

වෘත්තීයෙන් බැංකුකරුවෙකු වූ රනිල් ජයවර්ධන කලක් ලොයිඩ්ස් බැංකුවේ සේවය කර ඇති බව වාර්තා වෙනවා.

විවාහකයෙකු වන රනිල් දරුවන් තිදෙනෙකුගේ පියෙක්.