hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 2:18



හමාස් සංවිධානයට එරෙහි දීර්ඝ සහ දුෂ්කර සටනකට තමන් සූදානම් යයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

සිය X (කලින් ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත් එහි වැසියන් හැකි අවස්ථාවේ එම ප්‍රදේශයෙන් ඉවත්ව යා යුතු බවත් අගමැතිවරයා පවසනවා.

මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙසට ඒකරාශී වෙමින් සිටින බව වාර්තා වුණා. ස්ඩෙරොට් නගරයේ පොලිස් ස්ථානය පැය දහයක සටනකින් අනතුරුව මුදාගත් බව ඔවුන් අද උදෑසන කියා සිටියා.

ඊශ්‍රායල හමුදා ගාසා තීරය වසාදමා ඇති අතර විදුලිය, ආහාරපාන සහ ඖෂධ සැපයීම ද නවතා තිබෙනවා. ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශයට කඩාවදිනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයන් අනුමාන කරනවා.