hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 29, ප.ව. 9:49



ඇමරිකාවේ රිපබ්ලිකන් සෙනට් සභිකයන් කිහිපදෙනකුම යුක්‍රේනය සාම සාකච්ඡා සඳහා එළඹිය යුතු බවට ප්‍රකාශ කරන බවත් එම සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවත් පොලිටිකෝ වෙබ් අඩවිය පවසනවා.

යුක්‍රේනයට යුධ ආධාර ලබාදීමේ යෝජනාවක් කාලයක් තිස්සේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයෙහි සිරවී තිබෙනවා. කෙසේ වෙතත් එම යෝජනාවට රිපබ්ලිකන් පාක්ෂිකයන් වැඩි දෙනකුගේ කැමැත්ත හිමිවී නැහැ. ඊට හේතුව වන්නේ ඇමරිකානු රජය සිය දේශසීමාව ආරක්ෂා කිරීමට වඩා යුක්‍රේනය ආරක්ෂා කිරීමට අවධානය දෙන බවට වන චෝදනාවයි.

රිපබ්ලිකන් සෙනට් සභික මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ පවතින තත්ත්වය යටතේ යුක්‍රේන ගැටළුව විසඳීමට සාකච්ඡා හැර වෙනත් මාර්ගයක් නොමැති බව පැහැදිලි බවයි. එවැනි තත්ත්වයකදී සටන් බිමේ වැඩි වාසි ඇති පාර්ශවයට සාකච්ඡා මේසයේ ද වැඩි වාසි ඇති අතර රුසියාව තවත් වාසිදායක ස්ථාවරයකට එළඹීමට පෙර සාකච්ඡා සඳහා පැමිණිය යුතු බව රූබියෝ කියා සිටිනවා.

ඔහයෝ ප්‍රාන්තයේ සෙනට් සභික ජේ. ඩී. වාන්ස් ද කියා සිටියේ ඇමරිකානු රජය පවතින තත්ත්වය තේරුම් ගන්නේ මාස කිහිපයක් පසුවී බවයි. සටන් පෙරමුණ එකතැන සිරවන​ තැනකට පත්ව ඇති බවත් එය බොහෝ කල් පවතිනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. මෙයට සමාන අදහසක් ඉන්දියානා සෙනට් සභික මයික් බ්‍රෝන් ද දක්වා තිබුණා.