hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 15, ප.ව. 12:59



ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒකාබද්ධ රජය පවත්වාගෙන ගිය විශ්වාසනීය ගිවිසුම ඉවත්ව ගොස් ඇති බවත් එරට සභාග රජයේ එක් ප්‍රධාන පාර්ශ්වයක් ඉන් ඉවත්වීම ඊට හේතුව බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එරට ජනාධිපති මැටරෙල්ලා ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සෙනෙට් සභාවේ පැවති ඡන්දය වෙනත් පක්ෂවල සහාය ඇතිව රජය පහසුවෙන් ජයග්‍රහණය කළද, ෆයිව් ස්ටාර් පක්ෂයේ සහාය නොමැතිව රජය ඉදිරියට ගෙන යා නොහැකි බවට නැවත නැවතත් අනතුරු අඟවා තිබෙනවා.